මහියංගණය, දෙහිගොල්ල විද්‍යාලය ඉදිරිපිටදී සිදුවූ රිය අනතුරකින් 64 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.
අද උදෑසන 8.30 ට පමණ මෙම අනතුර සිදුවිය.
අප වාර්තාකරු පැවසුවේ, මෝටර් රථයක් මාර්ගයේ හැරවීමට තැත්කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව ය.
අනතුරට පත් කාන්තාව තුවාල ලබා මහියංගණය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, දෙහිගොල්ල ප්‍රදේශයේම පදිංචිකාරියකි.
අනතුරින් පසු මෝටර් රථයේ රියදුරු පළා ගොස් පොලීසියට භාරවී තිබේ.







