තම රට අයි.එස්. ත්‍රස්තයින් සමග තෙල් වෙළෙඳාමේ නිරත වන බව ඔප්පු කළහොත් ධුරයෙන් ඉවත් වන බව තුර්කි ජනාධිපති රිසෙප් ටායිප් එර්ඩෝගන් පවසයි.
බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ, රුසියානු ජනාධිපතිවරයා තුර්කිය අයි.එස්. ත්‍රස්තයින් සමග තෙල් වෙළෙඳාමේ යෙදෙන බවට සාක්ෂි ඇති බව පැවසීමත් සමග තුර්කි ජනාධිපති රිසෙප් ටායිප් එර්ඩෝගන් මේ බව පවසා ඇති බව ය.
යමක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නම් රුසියාව එය තහවුරු කළ යුතු බව තුර්කි ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත් තුර්කි ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තම රට රුසියාව පවසන ආකාරයෙන් අයි.එස්. ත්‍රස්තයින් සමග ගනුදෙනු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කළ යුතු අතර එසේ වුවහොත් තමන් ධුරයෙන් ඉවත් වීමට පවා සූදානම් බව ය.







