සාමාන්‍ය පෙළ විභාගයට අදාලව හෙට (02) මධ්‍යම රාත‍්‍රියේ සිට උපකාරක පන්ති සහ සම්මන්ත‍්‍රණ තහනම් කර තිබේ.
විභාගය අවසන් වන ලබන 17 වනදා දක්වා පන්ති පැවැත්වීමට, දේශන සම්මන්ත‍්‍රණ සහ වැඩමුළු සංවිධාන කිරීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
මීට අමතරව අනුමාන ප‍්‍රශ්න ඇතුලත් ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය, ඒවා බෙදාහැරිම, පෝස්ටර් අත්පත‍්‍රිකා,විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධ කිරිම තහනම් වන අතර එම නියෝග නොතකා කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.
සාමාන්‍ය පෙළ විභාගය මේ මස 8 වනදා ආරම්භ විමට නියමීතය.







