සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල මහබැංකුවේ අධීක්ෂණය යටතේ තවදුරටත් වෙන් වෙන්ව පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (01) අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමිනි.
වෘත්තීය සමිති සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව එම තීරණයට එළඹුණු බවඅග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.
සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එක් කිරීමේ සැලසුමක් පිළිබදව මීට පෙරාතුව රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රකාශය පත්කළ අවස්ථාවේදීත්, අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදීත් අසන්නට ලැබුණි. මෙම අරමුදල් ඒකාබද්ධ කොට පවත්වාගෙනයාමේ සූදානම කෙරෙහි වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණි.
මෙම අරමුදල් ඒකාබද්ධ කිරීමට යෝජනා කරන ලද්දේ වැඩි ආරක්ෂාවට බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.







