FAST NEWS

24×7 Around the Globe

රත්මලාන ගුවන් තොටුපළේ නව වෙනස් කම් රැසක්.

රත්මලාන ගුවන් තොටුපළ සාමාන්‍ය ගුවන් මගීන්ගේ සැහැල්ලු හා අභ්‍යන්තර ගුවන් ගමන් කටයුතු සඳහා යොදාගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කර ඇත.

පෞද්ගලික අංශයේ ගුවන් යානා හිමිකරුවන්ගේ ගුවන් යානා ස්ථානගත කිරීමට අවශ්‍ය බහාලුම් සඳහා ඉල්ලුමක් තිබෙන බැවින් ගුවන් තොටුපළ පරිශ්‍රයේ නව බහාලුම් ඉදිකිරීමටද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර ඇත.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (30දා) පස්වරුවේ රත්මලාන ගුවන් තොටුපළේ සිදුකළ නිරීක්ෂණ සංචාරයකින් පසුව මේ බව සඳහන් කළේය.

“දැනටමත් දිනකට සැහැල්ලු හා අනෙකුත් ගුවන්යානා 60 ත් 65 ත් අතර සංඛ්‍යාවක මෙහෙයුම් කටයුතු සිදු කෙරෙනවා. විදේශ ජෙට් යානා මෙරට ගුවන් සීමාට පැමිණීමේදී හා රත්මලාන ගුවන් තොටුපළෙ ඉඩ පහසුකම් භාවිත කිරීමේදී කටුනායක ගුවන් තොටුපළේ තදබදය මේ තුළින් මඟහැරීමට හැකියාව පවතිනවා” යැයි පැවැසීය.