FAST NEWS

24×7 Around the Globe

20 ගැන අවසන් තීරණය අද කරළියට ?  

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව සඳහන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අද (27දා) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

මේ වනවිට 20 වැනි සංශෝධනය සඳහා සුළු පක්ෂවලද එකඟතාව ලැබී තිබේ. අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්නේ ජනාධිපතිවරයා විසිනි.