FAST NEWS

24×7 Around the Globe

2016 අය වැයට එරෙහිව බස් සංගම් දැවැන්ත වැඩ වර්ජනයක් කැඳවයි.

එළඹෙන 19 වැනි දා 2016 අය වැය සම්මත කිරීමට පෙර පුද්ගලික බස් රථ දැවැන්ත වැඩ වර්ජනයක් සඳහා කැඳවන බව පුද්ගලික බස් හිමියන් ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජයරත්න මහතා සඳහන් කළේ මෙම වැඩ වර්ජනය දෙසැම්බර් 15 වෙනි දින කැඳවීමට තම සංගමය තීරණය කළ බව ය.

මෙවර අයවැයෙන් පුද්ගලික බස් කර්මාන්තය මුළුමනින්ම බිඳ දැමීමේ  යෝජනා වත්මන් ආණ්ඩුව ගෙන ඇති නිසා එයට එරෙහිව මෙම වැඩ වර්ජනය කැඳවීමට සිදුවන බවද සභාපති වරයා පැවසීය.

සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ අයවැය මගින් බස් කර්මාන්තයට පනවා ඇති නව බදු හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව ය.