FAST NEWS

24×7 Around the Globe

මුහුණ ආවරණය වන හිස්වැසුම් වාරණය දිර්ඝ වෙයි.

යතුරුපැදිකරුවන්ට සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන හිස්වැසුම් පැළදීම වැළැක්වීමට පොලීසිය ගත් තීරණයට එරෙහිව අධිකරණය පැනවු වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ලබන වසරේ පෙබරවාරි 11 වන දින දක්වා අදාළ වාරණය දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළ බව අද දෙරණ  වාර්තාකරු සඳහන් කළේය.

සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන හිස්වැසුම් පැළඳීම තහනම් කිරීමට පොලීසිය ගත් තීරණයට එරෙහිව ගොනුකර තිබු නඩු දෙකක් අද විභාගයට ගත් අවස්ථාවේ අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්ය.

එහිදී රජයේ නීතීඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ උසස් ප්‍රමිතියකින් යුතු ආරක්ෂිත හිස්වැසුමක් හඳුන්වාදීම සඳහා රජය  කටයුතු කරමින් සිටින බැවින් ඒ සඳහා කල් ලබාදෙන ලෙසයි.

ඉදිරිපත් වු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම් විභාගය ලබන පෙබරවාරි මස 10 වන දින දක්වා කල්දමා ඇති අතර වාරණය පෙබරවාරි මස 11 වන දින දක්වා දීර්ඝ කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.