FAST NEWS

24×7 Around the Globe

අයි.එස් නිසා තුර්කිය අතර රුසියාව අර්බුදයක්.

IS ත්‍රස්ත්‍රවාදීන් සහ තුර්කිය අතර පවතින ඛනිජ තෙල් වෙළෙඳාම රැක ගැනීමේ අරමුණින් තුර්කිය තම ප්‍රහාරක යානය බිම හෙළූ බවට රුසියාව චෝදනා කරයි.

රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේ, IS ත්‍රස්තවාදීන් තුර්කියට ඛනිජ තෙල් සැපයීමේ නිරතව සිටින බව තහවුරු කරන සාක්ෂි තම රට සතු බව ය.

නීතිවිරෝධි ඛනිජ තෙල් වෙළෙඳාම IS ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන අදායම් මාර්ගයක් බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ ය.

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන දේශගුණ සමුළුව සඳහා ගොස් සිටි අවස්ථාවේදී මාධ්‍ය අමතමින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කළේ, සිය යානය බිම හෙළීම බරපතළ වැරැද්දක් බව ය.

කෙසේ වෙතත් IS ත්‍රස්තවාදීන් සමග සබඳතා පවත්වන බවට තම රටට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ තුර්කිය රුසියානු යානය බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාවෙන් සමාව අයැදීම ප්‍රතික්ෂේප කළේ ය.

මේ අතර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කළේ, රුසියානු ප්‍රහාරක ජෙට් යානය තුර්කි ගුවන්සීමාව උල්ලංඝණය කර ඇති බව තහවුරු කරන සාධක හමු වී ඇති බව ය.