වසර 10ක් සම්පූර්ණ කළ සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට ඔවුන්ගේ ගිණුම්වලින් 30% ක් ලබා දීමට කම්කරු අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
අමාත්‍ය එස්.බී. නාවින්න මහතා පැවසුවේ, ලබන 27 වන දා සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව ය.
එම ගිණුම්වල ලක්ෂ 3කට වඩා වැඩි තැන්පතුවක් තිබිය යුතු බව ද අමාත්‍යවරයා පැවසී ය.
අදාළ සේවකයින්ගේ වැටුප් ප්‍රමාණය අනුව එම මුදල කොපමණ ද යන්න තීරණය වනු ඇති.







