FAST NEWS

24×7 Around the Globe

පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර්පත් ලබාදීම හෙට.

යෝජනා කළ පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර්පත් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ අදාළ වවුචර්පත් බෙදාහැරීම හෙට (01දා) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුකිරීමට සැලසුම් කර තිබේ.

විදුහල්පතිවරුන්ට වවුචර්පත් ලබාදීම සඳහා පළාත්වලට අදාළ වවුචර්පත් හෙට පළාත් අධ්‍යාපන නිලධාරීන්ට ලබාදීම සිදුවේ. මේ අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අදාළ වවුචර්පත් ලබාදීම පාසල්වලදී දෙසැම්බර් 04 වැනි දින සිදුකෙරේ.