FAST NEWS

24×7 Around the Globe

රුසියාව සිරියාව තුළ S-400 ස්ථානගත කරයි – තුර්කිය හා ඊශ්‍රායලයත් ප්‍රහාරක පරාසයට නතු වෙයි.(වීඩියෝ)

රුසියාව විසින් සිරියාවේ ක්මෙයිමිම් ගුවන් හමුදා කඳවුර තුළ නවීන S-400 ගුවන් ආරක්‍ෂණ පද්ධතියක් ස්ථානගත කිරීමෙන් අනතුරුව ඇමරිකාව හා තුර්කිය විසින් සිරියාව තුළ සිදුකළ ගුවන් ප‍්‍රහාරයන් නවතා දමා ඇත.

කෙසේවෙතත් ඉන්හෙරන්ට් රිසොල්ව් මෙහෙයුමේ ඒකාබද්ධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයකු පවසා ඇත්තේ ISIS ඉලක්ක වලට ගුවන් ප‍්‍රහාර එල්ල නොකිරීම හා S-400 ස්ථානගත කිරීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

මෙය මෙහෙයුමක සාමාන්‍යයෙන් ඇතිවන තීව‍්‍ර වීම් හා මන්දනය වීම් ක‍්‍රියාවලියක් බවත් එල්ල කරන ප‍්‍රහාරවල නිරවද්‍යභාවය හා ඒවායින් සිවිල් වැසියන්ට බලපෑම් එල්ලවීම අවම කිරීම සඳහා තොරතුරු රැස්කිරීමේ කටයුතු වලට විශාල කාලයක් යොදවමින් සිටින බවත් ඔහු පවසා තිබේ.

සිරියාවේ ISIS ඉලක්ක වලට බ‍්‍රහස්පතින්දා සිට ප‍්‍රහාර එල්ල නොකළත් ඉරාකය තුළ ප‍්‍රහාර 18ක් දියත් කළ බවද ප‍්‍රකාශකවරයා දක්වා ඇත.

නොවැම්බර් 24වනදා තුර්කි F-16 යානයක් විසින් රුසියානු Su-24 බෝම්බ ප‍්‍රහාරක යානයක් පහරදී විනාශ කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක පියවරක් වශයෙන් ක්මෙයිමිම් තුළ S-400 මිසයිල පද්ධතියක් රැඳවීමට පියවර ගන්නා ලදී.

මේ වන විට පවතින  ඕනෑම ගුවන් යානයක්, හෙලිකොප්ටරයක් හා මිසයිලයක් විනාශ කිරීමේ හැකියාව මෙම පද්ධතිය සතු වෙතැයි පැවසේ.

ක්මෙයිමිම් පද්ධතිය විසින් සිරියානු භූමියෙන් 75%ක් ආවරණය කෙරෙන අතර තුර්කිය හා ඊශ‍්‍රායලයෙන් කොටසක්ද එහි ප‍්‍රහාරක පරාසය තුළ පවතී.

 

[youtube url=”https://www.youtube.com/watch?v=DtWLMXAGTQ8″ width=”560″ height=”315″]