මෙවර අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 15 ක් විමධ්‍යගත මුදල් ලෙස ලබාදීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය ජෝන් අමරතුංග අද (27) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඒ පිළිබඳව සිතා හෝ අයවැයට පක්ෂව අත ඔසවන ලෙස ඔහු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
අයවැය කතාව සිදුකරන අතරතුර මේ ඉල්ලීම සිදුකළ ඇමතිවරයා මෙලෙස අදහස් දැක්වීය.
“අයවැයට විරුද්ධ වෙන්න එපා, අත උස්සන්න.එතකොට තමයි මන්ත්‍රීකම බේරගන්න පුළුවන්.
නැත්නම් ඒකත් නැතිවෙයි” යනුවෙන්ද විපක්ෂ මන්ත්‍රීවරුන් දෙස බලමින් කියා සිටියේය.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණ මෙවර අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අද පැවසීය.
අයවැය කතාව සිදුකරමින් සභානායකවරයා මේ බව කීය.
එමෙන්ම වත්මන් ආණ්ඩුව සමග එක්වන ලෙසද සභානායකවරයා විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරාධනා කළේය.







