FAST NEWS

24×7 Around the Globe

ආයිත් වැස්ස

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුර, නැගෙනහිර හා උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් සෙසු ප්‍ර දේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.