FAST NEWS

24×7 Around the Globe

CID ස්ථානාධිපතිවරයාට නොතීසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා වෙත අද (27) නොතීසි නිකුත් කර තිබේ.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විදෙස් ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ උප්පැන්න සහතිකය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස පසුගිය වසරේ අධිකරණයට කරුණු වාර්තා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන පිළිබඳව අධිකරණයට කරුණු දක්වන්න ලෙස සඳහන් කරමින් අධිකරණය නොතීසි නිකුත් කර ඇත.

ඒ අනුව, එම කරුණු දැක්වීම නොවැම්බර් 10 වන දා සිදු කරන ලෙස දැනුම් දී තිබේ.

නීතිඥවරුන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එලෙස නොතීසි නිකුත් කර ඇත.