FAST NEWS

24×7 Around the Globe

2023 අයවැය එන දවස මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2023 වර්ෂයට අදාළ අයවැය නොවැම්බර් මස 14 වන සඳුදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මෙම තීරණය ගනු ලැබ ඇත.

ලබන මස 8 වන දා මීළඟ පාර්ලිමේන්තු සතිය පැවැත්වෙන අතර 9 වන දා රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට ද එහිදී තීරණය කර තිබේ.