FAST NEWS

24×7 Around the Globe

‘විසිඑක’ ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති තත්ත්වය සම්පූර්ණයෙන්ම ස්ථාපිත කර නැති අතරම විධායක ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳ ප්‍රමාණවත් සංවරණ හා තුලන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කර ඇති බවයි.

පසුගිය 21 වැනි දින පාර්ලිමේන්තුව විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ඇති අතර, එය මේ වනවිට නම් කර ඇත්තේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙසයි.

නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඔවුන් විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ මින් පෙර ඉදිරිපත් කරන ලද ප්‍රකාශයන්හි දී පනත් කෙටුම්පතේ අඩුපාඩු පෙන්වා දුන් බවයි.