FAST NEWS

24×7 Around the Globe

තුර්කියට එරෙහිව රුසියාවෙන් සම්බාධක කිහිපයක්.

තුර්කියට එරෙහිව සම්බාධක පැනවීමට රුසියාව තීරණය කර තිබේ.

සිය ප්‍රහාරක යානයකට පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් ඇතිවූ උණුසුම් වාතාවරණය මධ්‍යයේ රුසියාව තුර්කියට එරෙහිව මෙසේ සම්බාධක පනවා ඇත.

තුර්කි හමුදා සමඟ සියලු සන්නිවේදන සබඳතා අත්හිටුවා ඇති අතර ගුවන් අනතුරු වළක්වා ගැනීමේ හදිසි ඇමතුම් සේවාව ද නවතා දැමීමටයි රුසියාව තීරණය කර ඇත.

ආර්ථික සම්බාධක රැසක් ද ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බව රුසියා අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.

තුර්කියේ ආහාර නිෂ්පාදන මිලදී ගැනීම, නතර කිරීම හා ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවීම ද මෙම සම්බාධක වලට ඇතුළත්ව ඇත.