FAST NEWS

24×7 Around the Globe

අන්තරේ පාගමනට පොල්දූව පැනීම තහනම් කරයි.

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දින කිහිපයකට පෙර මහනුවරින් ආරම්භ කළ උද්ඝෝෂණ පාගමන අද (27) පාර්ලිමේන්තුව දක්වා පැමිණීමට නියමිත බවට ලැබුණු තොරතුරු අනුව පොලිසිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

එම නියෝගය අනුව උද්ඝෝෂණ පාගමන පොල්දූව දක්වා පැමිණීමට හැකි අතර පොල්දූව හන්දියෙන් පාර්ලිමේන්තු පාරට ඇතුළුවීම තහනම් කැර ඇත.