FAST NEWS

24×7 Around the Globe

24 වන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අද ඇරඹේ.

ෙ24 වන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මෝල්ටාවේ – වැලාටා අගනුවරදී අද (27) ආරම්භ විමට නියමීතය.

සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනෙන් නික්මුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (26) පස්වරුවේ මොල්ටාවට ළඟා විය.

මෝල්ටා රජයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජනාධිපතිවරයා මෝල්ටා ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පිළිගනු ලැබුවේය.

ජනාධිපතිවරයාගේ මෝල්ටා සංචාරයට 18 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද එක්ව සිටිති.

අද (27) ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදු රාජ්‍ය මණ්ඩලීය සභාපති ධුරය මෝල්ටාවේ අගමැති ජෝශප් මස්කට් වෙත භාරදීමට නියමිතය.