FAST NEWS

24×7 Around the Globe

පැෆරල් සංවිධානයෙන් අනතුරු ඇගවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැෆරල් සංවිධාන ප්‍රකාශ කොට තිබෙනවා.

කෙතරම් හිතකර සංශෝධනයක් වුවත් එය ගෙන එන්නේ අයහපත් චේතනාවකින් බැවින් ජනතාවගේ මැතිවරණ අයිතිය වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පවසනවා.