FAST NEWS

24×7 Around the Globe

45දෙනෙකුගේ ඕස්ට්‍රේලියා සිහිනය බොඳ වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීති විරෝධි ලෙස ඕස්ට්‍රෙිලියාවට යාම සඳහා උණවටුන ප්‍රදේශයේ හෝටලයක රැඳි සිටි 45 දෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හබරාදූව පොලීසිය පැවසුවේ නාවික හමුදාවේද සහාය ඇතිව අද (23) අලුයම මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් පිරිස යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බව පොලීසිය සදහන් කරයි.

ඔවුන්ගෙන් 33ක් පිරිමි පුද්ගලයින් වන අතර හත් දෙනෙක් කාන්තාවන්ද තිදෙනෙක් ළමයින්ද වේ.

මෙම පිරිස පුල්මුඩේ ප්‍රදේශයෙන් ඕස්ට්‍රේලියාවට යාමේ බලාපොරොත්තුවෙන් මාසයක පමණ කාලයක් විවිධ ස්ථානවල නතරව සිට පසුව දින පහක සංචාරයක් යාමට බව පවසා ඊයේ වව්නියාවෙන් බස් රථයක රැගෙන ගාල්ල උණවටුනට පැමිණ හෝටලයක නතරව සිටියදි මෙසේ අත් අංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මොවුන් පිරිස අද ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.