FAST NEWS

24×7 Around the Globe

මෙරට සහල් පරිභෝජනය අඩුවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින ගැටලු හේතුවෙන් මේ රටේ සහල් පරිභෝජනය ද අඩු වී ඇති බව ගොවි සංගම් පවසයි.

දෛනික පරිභෝජනය සදහා අවශ්‍ය වූ සහල් ප්‍රමාණය කිලෝ ලක්ෂ 60 සිට ලක්ෂ 50ත් 40ත් දක්වා අඩු වී ඇති බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ .

මඩ පොහොර නොමැතිකම හේතුවෙන් ගොවීන්ට මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.