FAST NEWS

24×7 Around the Globe

ජාතික පොලිස් කොමීසම එච්.එන්.ඩි.එ සිදුවිමට වරදකරුවෝ නිශ්චය කරයි.

උසස් ගණකාධිකරණ පාඨමාලාව හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පොලීසිය පහරදීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම පැවැත්වූ පරීක්ෂණයේදී පොලීසිය නීතිවිරෝධී ලෙස ශිෂ්‍යයන්ට පහර දී ඇතැයි තහවුරු වී ඇත.

මේ අනුව පහරදීමට සම්බන්ධ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරින් පහළ තනතුරුවල සේවය කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස්පතිවරයාට නියෝග කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා තනතුරුවල සේවය කරන නිලධාරීන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේදී රැස්වන ජාතික පොලිස් කොමිසමේදී තීරණයක් ගැනීමට නියමිතය.