FAST NEWS

24×7 Around the Globe

භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආනයනික සීමා පනවා ඇති භාණ්ඩ කිහිපයක සීමා ඉවත් කිරීමට ඉදිරි සති දෙක තුළ ක්‍රියා කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ රූපලාවන්‍ය නිෂ්පාදන, රථවාහන අමතරකොටස් සහ අපනයන නිෂ්පාදන සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය සඳහා එම තීරණය ගන්නා බවය.