FAST NEWS

24×7 Around the Globe

ගුරු සේවයට කැමති රාජ්‍ය සේවයේ අයටත් අවස්ථාවක් දෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගුරු සේවයට කැමැත්තෙන් සිටින රාජ්‍ය සේවයේ පිරිස් ඊට අන්තර්ග්‍රහණය කිරීමට වැඩපිළිවෙලක් යොදන්නැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.

රටේ පාසල් බොහොමයක ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්විය හැකි ගුරුවරුන්ගේ බරපතළ හිඟයක් පවතින බවත් රාජ්‍ය සේවයේ පිරිස් බඳවා ගැනීමෙන් එම ගැටලුවද විසඳෙන බවත් මන්ත්‍රීවරයා කීවේය.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසුවේ ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා මතු කරන ප්‍රශ්නය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.

ලබන වසරේ ජනවාරි සිට ගුරුවරුන් පිරිසක් අලුතින් බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.