FAST NEWS

24×7 Around the Globe

වතුර කලවම් තෙල් බවුසරය ගැන වහාම විමර්ශනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් වෙත ඉන්ධන රැගෙන ගිය ඉන්ධන ටැංකි රථයක යම් ජලය ප්‍රමාණයක් මිශ්‍ර වී පැවැතීම පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

නිවේනදනයක් නිකුත් කරමින් එම සංස්ථාව පවසන්නේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් මේ පිළිබඳ වහාම පූර්ණ විිමර්ශනයක් සිදුකරන ලෙසට සංස්ථා අධිකාරියට දැනුම් දී ඇති බවයි.

එම විමර්ශනය රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතාගේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන බවද සංස්ථාව කියාසිටී.