FAST NEWS

24×7 Around the Globe

පුනරුත්ථාපන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව කතානායකවරයා අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

අද පෙරවරු 9.30ට සභාවේ කටයුතු ආරම්භ කරමින් සිය නිවේදන ඉදිරිපත් කරමින් කතානායකවරයා මේ බව පැවසීය.

කතනායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් හෝ එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමෙන් පසුව සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව ය.