FAST NEWS

24×7 Around the Globe

පැය 12ක ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට (21) පෙ.ව. 8.30 සිට ප.ව. 8.30 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

එමෙන් ම නාගොඩ, බෝම්බුවල, පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තර යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටු වීමට නියමිත ය.

විදුලිබල මණ්ඩලයේ සහ ජල සම්පාදන මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරට ත් සඳහන් කළේ ය.