FAST NEWS

24×7 Around the Globe

බස් ගාස්තු ගැන තීරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නැවත වරක් ඩීසල් ගාස්තු අඩුවුවහොත් ඊයේ (18) සිදුවූ අඩුවීමත් සලකා බලා ගණනය කිරීමකින් අනතුරුව බස් ගාස්තු අඩුකිරීම පිළිබදව සලකා බලන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නලීන් මැරෙන්ඩා පවසයි.

ඩීසල් මිල අඩුවීම බස් ගාස්තු කෙරෙහි සිදුවන බලපෑම සීයට 1.73ක් වන අතර ඒ අනුව බස් ගාස්තුව අඩු කිරීමට හැකියාවක් නොමැති බවත් බස් ගාස්තු අඩු කිරීමට ඩීසල් මිල අඩු වීමේ බලපෑම 4% ක් හෝ ඊට වැඩි විය යුතු බව එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුර අදහස් දක්වමින් ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කියා සිටියේ,

“ජාතික බස් ගාස්තුව පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තිය කාරණා කිහිපයක් අනුව සමන්විත වෙලා තියෙන්නේ. බස් ගාස්තුව තීරණය කරන්න මේ කාරණා අනුව. එහිදී නිර්නායකයක් තිබෙනවා. ඉන්ධන මිල අඩුවීම හෝ වැඩිවීම බස්ගාස්තු කෙරෙහි බලපාන්නේ කොහොමද කියලා ඒ අනුව තමයි අපි කටයුතු කරල තියෙන්නෙ.
පුද්ගලික බස් රථ සහ ශ්‍රී ලංගම බස් රථ වල ගාස්තුව කිසිදු අයුරකින් අඩුවීමක් සිදු වන්නේ නැහැ.”