FAST NEWS

24×7 Around the Globe

එළවලු මිලදී ගැනීම පහතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළවළු වල මිල ගණන් අඩු වුවත් ඒවා මිල දී ගැනීම සඳහා පැමිණෙන වෙළඳුන්ගේ සහ පාරිභෝගිකයන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයන් පවසයි.

ප්‍රමාණවත් තරම් එළවළු තොග ලැබුණත් මිල දී ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගමයේ සභාපති ඩී. එන්. සිල්වා ප්‍රකාශ කළේය.