FAST NEWS

24×7 Around the Globe

සති 10කට මෛත්‍රීට සැනසුම් සුසුම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහි නඩු විභාගය අද (14) සිට සති 10කට කල් තබන ලෙස අභියාචනාධිකරණය කොළඹ, කොටුව මහේස්ත්‍රාත්වරයාට නියෝග කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද මෙම නියෝගය නිකුත් කර ඇත.

එම කාල සීමාව තුළ පෙත්සම්කාර මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අගතිගාමී නියෝග නිකුත් නොකරන ලෙස ද අභියාචනාධිකරණය කොටුව මහේස්ත්‍රාත්වරයාට නියෝග කර තිබේ.

අදාළ තීරණය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අධිකරණය හමුවේ පෙනී සිට ඇත.