FAST NEWS

24×7 Around the Globe

මුහුදුබඩ දුම්රිය කාලසටහන ගැන මගීන්ට විශේෂ දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහනේ සංශෝධන ඔක්තෝබර් මස 20 වන දා සිට ක්‍රියාත්මක කිරිමට තීරණය කර තිබේ.

ඊයේ (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබුණ ද පසුව එය අත්හිටවනු ලැබිණි.

ඒ අනුව, ලබන 20 වන දා සිට දැනට දුම්රිය ධාවනය වන වේලාවට‍ මිනිත්තු 10කට පමණ පෙර නව සංශෝධන යටතේ දුම්රියන් ධාවනය කිරීමට නියමිතව ඇත.