(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිස්ත්‍රික්ක 10 ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, කළුතර, මහනුවර, ගම්පහ, මාතලේ, ගාල්ල, යාපනය, මුලතිව්, පුත්තලම හා කෑගල්ලයි.
මෙම දිස්ත්‍රික්කවලින් පසුගිය සතියේ ඩෙංගු රෝගීන් 1,152 දෙනෙකු වාර්තා වී ඇති බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ වාර්තාවේ සදහන් වේ.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 59, 317 කි.








