FAST NEWS

24×7 Around the Globe

වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින අධික වර්ෂාවත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන් කුඩා ප්‍රමාණයේ රථවාහනවල ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.

වැලිපැන්න පිවිසුම ආසන්නයේ ස්ථාන දෙකක මාර්ගය මෙලෙස ජලයෙන් යටවී ඇත.

මේ අතර අධිවේගී මාර්ග නඩත්තු ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප පිවිසුම් මාර්ග භාවිත කරන ලෙසටය.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹට හෝ ගාල්ල දෙසට ගමන්කිරීමට බලාපොරොත්තුවන රියදුරන්ට ඒ සඳහා කුරුඳුගහහැතැක්ම හෝ දොඩංගොඩ පිවිසුම් භාවිත කිරීමේ අවස්ථාව පවතී.