FAST NEWS

24×7 Around the Globe

ඩිජිටල් රියදුරු බලපත්‍රයකට කැබිනට් අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට ලබාදෙන චිප් පතක් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් QR ඛේතකයක් සහිත නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ඒ අනුව එහිදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කරන ලෙස කැබිනට් මණ්ඩලය උපදෙස් දුන් බවද අමාත්‍යවරයා පැවැසීය. මේ අතර රියදුරු බලපත්‍ර මුද්‍රණයට අවශ්‍ය කාඩ්පත් ලබා ගැනීමේ ගැටලුවක් ඇති බවත් එය වසර අවසන් වන විට විසදා ගැනීමට අපේක්ෂා කරන බවත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.