FAST NEWS

24×7 Around the Globe

පසුගිය 09 වන දින උද්ඝෝෂණ : පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ගාලු මුවදොර පසුගිය ඉරිදා දිනයේ පැවති විරෝධතාවය පොලීසිය විසින් විසුරුවා හරින ලද්දේ කුමන පදනමක් යටතේ ද යන්න වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.

අදාළ වාර්තාව පැය 24ක කාලයක් තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලබාදිය යුතු බව පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

පසුගිය 09 වන දින කොළඹ ගාලු මුවදොර පැවති විරෝධතාව සහ සැමරුම විසුරුවා හැරීමට පොලීසිය විසින් කටයුතු කරනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.