(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියානු ජාතික ගුවන් සේවාව වන එරෝෆ්ලොට් ගුවන් සේවය මාස 4කට පමණ පසු නැවතත් ශ්රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරමින් එහි ගුවන් යානයක් අද පෙරවරුවේ දිවයිනට ළඟා විය.
අධිකරණ නියෝගයක් අනුව එරෝෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයක් ශ්රී ලංකාව තුළ රඳවා ගැනීමත් සමගින් ඇතිවූ තත්ත්වය මත එම ගුවන්සේවාව ශ්රී ලංකාව වෙත කරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුනි.








