FAST NEWS

24×7 Around the Globe

සතොසෙන් කරන අලුත් වැඩක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සතොස ආයතනය විසින් ග්‍රීන් සුපර් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමු වෙළඳසැල අද (10) විවෘත කෙරේ.

කොළඹ තුන ආර්.ඒ. ද මෙල් මාවතේ විවෘත වන මෙම වෙළඳසැල ජාතියට පෝෂණය යන තේමාව යටතේ ක්‍රියාත්මක වනු ඇත.

මෙම වෙළඳසැලෙන් කාබනික සහ හරිත නිෂ්පාදන මෙන්ම ආහාර ද්‍රව්‍ය මිලදී ගත හැකි බව සතොස ආයතනය සදහන් කරයි.