FAST NEWS

24×7 Around the Globe

ගම්මන්පිල සී.අයි.ඩී.යට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින තිලිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කළ දේශපාලනඥයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින්ය.

මෙහිදී මන්ත්‍රිවරයා තමන් සතු ලියකියවිලි කිහිපයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවට වාර්තා වෙයි.

මේ අතර මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ සිය සමාජ මාධ්‍ය ගිණුම්වල ද සටහනක් තබමින් කියාසිටියේ එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවයි.