FAST NEWS

24×7 Around the Globe

විදුලි තාක්ෂණික ඉංජිනේරුවන් සහ අධිකාරීවරුන් රාජකාරි කිහිපයකින් ඉවත්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   චීන සමාගමක් විසින් හම්බන්තොට වරායට රැගෙන ආ නෞකාවලට ලබාදෙන මැරයින් ඩීසල්, සුපර් ඩීසල් ලෙස රට තුළ බෙදාහැරීමේ සූදානමක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් පොදු සේවක සංගමය අද (08) හෙළිදරව්වක් සිදුකළා.

එහි සභාපති අශෝක රංවල මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකු මත්තල ප්‍රදේශයේ මෙම මැරයින් ඩීසල් ගබඩා කර තිබෙන ස්ථානයට පසුගියදා නිරීක්ෂණ චාරිකාවක් සඳහා ගොස් ඇති බවයි.

ඒ අනුව අදාළ තෙල් තොග මුදල් ගෙවා සුපර් ඩීසල් ලෙස බෙදාහැරීම සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා වූ බවද ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

මේ අතර අවදානම් සහ සති අන්ත රාජකාරිවලින් ඉවත්වීමට ලංකා විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති ඒ.ජී.යූ. නිශාන්ත කියා සිටියේ අයහපත් මූල්‍ය තත්වය පදනම් කරගනිමින් අත්‍යවශ්‍ය රාජකාරි ඉටුකිරීමට පාලනාධිකාරිය විසින් බලපෑම් කිරීමට විරෝධය පළ කරමින් මෙම තීරණයට එළඹුණු බවයි.