FAST NEWS

24×7 Around the Globe

රජරට ඔඩිසි අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරකයින් සහ වන්දනාකරුවන් වෙනුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ගන්නා රජරට ඔඩිසි විශේෂ දුම්රිය අද (08) සිට සෑම සෙනසුරාදා දිනකදීම ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්ත කියා සිටියේ සෑම සෙනසුරාදා උදෑසන 9.20ට කොටුව දුම්රිය ස්ථානයෙන් එම දුම්රිය පිටත්වන අතර එය පසුදා එනම් ඉරිදා පස්වරු 5 ට යළි අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය කෙරෙන බවයි.