FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොටුව සිට ප්‍රධාන මාර්ගයේ සහ වෙරළබඩ මාර්ගයේ අද (08) ධාවනය වන දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

එම දුම්රිය මාර්ගයන් හි සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදවීමක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.