FAST NEWS

24×7 Around the Globe

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වැසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව අද (07) සිට වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරටට ගෙන්වා ඇති තුන්වන බොරතෙල් නෞකාවේ ඇති තොගය ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පැවතීම හේතුවෙන් ජනතාව අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.