FAST NEWS

24×7 Around the Globe

මහ බැංකු අධිපතිගෙන් රටට සුබ ආරංචියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.

ඒ, ඊයේ(06) පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී ප්‍රශ්න කෙරුණේ, “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී මෙරට ආර්ථික අවභාවිතාව සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියට බලපෑම් කරයිද?” යනුවෙනි.

ඊට පිළිතුරු දුන් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, “අපි දන්නා පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ පිළිබඳ කිසිවක් සන්නිවේදනය කර නැහැ.” යනුවෙනි.

මේ අතර මේ මාසය අවසානයේදී පෙර මාසයට සාපේක්ෂව උද්ධමනයේ අඩුවීමක් අපේක්ෂා කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

අද මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ මෙරට ණයහිමියන් සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතියක්ද දක්නට ඇති බවය.