FAST NEWS

24×7 Around the Globe

ගුරු සංගම් යළි වැඩ අරඹයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින ආර්ථික අර්බුදය හමුවේ ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.

ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිදු පියවර ගෙන නොමැති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේය.

ගුරු විදුහල්පති අයිතීන් දිනවන නියෝජිත සමුළුවට එක්වෙමින් ජෝසෆ් ස්ටාලින් මහතා මෙම අදහස් පළ කළේය.

“අද වෙනකොට ආණ්ඩුව ගෙනියලා තියෙන මේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ සම්පූර්ණයෙන්ම රට බංකොළොත් කරලා තියෙන්නේ. අද මේ රටේ ජනතාවට ජීවත්වෙන්න බෑ. ජනතාවගෙන් කොටසක් තමයි 247,000ක් වුණ ගුරුවරු. මේක නිසාම අපි තීරණය කළා පැහැදිලි තීරණයක් ගන්න අපේ වැටුප් වැඩිකිරීමක් හෝ එහෙම නැත්නම් දීමනාවක් ලබාගැනීමට. මේ වනවිට ගුරුවරුන්ට පාසලට එන්න විදියක් නෑ. බරපතළ ගමන් වියදමක් දරන්න වෙලා තියෙන්නේ. මේක ගැන අපි ආණ්ඩුවට කරුණු දැක්වුවා.”