FAST NEWS

24×7 Around the Globe

දුරකථන ගාස්තු අද සිට ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන සමාගම් විසින් සිය ගාස්තු ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බවයි එම සමාගම් නිවේදනය කර තිබෙන්නේ.

ගාස්තු සම්බන්ධයෙන් සියලුම තොරතුරු අදාළ දුරකථන සමාගම්වල වෙබ් අඩවිවලින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.