FAST NEWS

24×7 Around the Globe

පෙන්ෂන් යැවීමේ නීතිය ජනවාරියේ සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස 65 සිට 60 දක්වා අඩු කිරීම පිළිබඳ යෝජනාව එළැඹෙන 2023.01.01 සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

ඒ අනුව, රජය පසුගිය අතුරු අයවැයේදී යෝජනා කළ පරිදි රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව අවුරුදු 60ක් ලෙස සංශෝධන කර එළැඹෙන 2023.01.01 දින සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය චක්‍රලේඛ හා උපදෙස් නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.