FAST NEWS

24×7 Around the Globe

A/L පැවැත්වෙන දිනයේ වෙනසක් නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති මෙවර උසස් පෙළ විභාගය නියමිත දිනට පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

විභාග කල් දමන ලෙස ඉතිහාසයේ කෙදිනකවත් ශිෂයින් හා දේශපාලඥයින් ඉල්ලීම් නොකළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ලබන වසරේ මාර්තු මාසයෙන් ආරම්භ වන නව පාසල් වර්ෂය දෙසැම්බර් මාසය වන විට සම්පූර්ණයෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ නමුත් විභාගය කල් නොදැමීමේ රජයේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.