FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති මෙවර උසස් පෙළ විභාගය කල් නොදැමීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය හමුවේ ඉදිරියේ දී පෙත්සම් ගොනු කිරීමට පියවර ගන්නා බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය.

කොළඹ අද (04) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.